මගේ නම ශෙහාන්. මම ඩිසයිනර් කෙනෙක්. ඉතින් මේ වෙනකොට මම මුළු ලංකාවම දන්න ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක ග්‍රැෆික් ඩිසයිනර් සහ වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මේක තමයි මගේ පලවෙනි රස්සාව. ඉතින් මට පොඩ් කාලෙ ලොකු කම්පියුටර් පිස්සුවක් තිබුණා.ඇත්තම කිව්වොත් උණක්... ඉතින් මම හිතනවා මම අද මේ තැන ඉන්නේ ඒ පිස්සුව නිසා කියලා.
ඉතින් මම ඉස්සර ගොඩක් වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. මම ඉස්සර ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙම මගේ පුංචි ලැප්ටොප් එක හොයාගෙන. ඒ අපු වෙලාවෙ ඉඳන් ගේම් ගහන එක තමයි මගේ රස්සාව. ඉතින් මේ ලැප්ටොප් එක කෙනෙක් මට දීපු එකක්. මට මේ ලැප්ටොප් එකත් මුලින්ම හම්බවෙන්නේ මම කම්පියුටරයක් ඉල්ල ඉල්ල ගෙදරට කරදර කර කර ඉන්න කොට. ඉතින් මම නොහිතපු වෙලාවක තමයි මට මේ ලැප්ටොප් එක හම්බවෙන්නේ. මට ඒ වෙලාවෙ දැනුණ සතුට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ. ඉතින් ඇත්තටම ඒ ලැප්ටොප් එක දීපු කෙනාට ගොඩාක් ස්තූතියි. ඒ ලැප්ටොප් එක ඒ වෙලාවේ මට හම්බ නොවුනානම් මම අද මේ තැන නැති වෙන්න ඉඩ තිබුණා.
ඉතින්, ඒ විදිහට ගේම් ගගහා ඉඳලා ටික කාලෙකට පස්සේ මට ගේම් ගහන එක එපා වුණා. මම සාමාන්‍ය පෙළ ඉවර කළාට පස්සේ, මට ග්‍රැෆික් නිර්මාණකරණය ගැන උනන්දුවක් ඇති වුණා. ඉතින්, විභාගයෙන් පස්සේ, මම ගෙදර ඉන්නකොට, මම මේ දේවල් තනියම ඉගෙන ගත්තා. පස්සේ, මම ඒකට අදාළ බහුමාධ්‍ය නිර්මාණ පාඨමාලාවක් හැදෑරුවා. මට අනිත් හැමෝම වගේ වෙන්න ඕන වුණේ නැහැ. මම හැම වෙලාවෙම හිතුවේ අනිත් හැමෝටම වඩා වෙනස් වෙන්න. මම තාමත් එහෙමයි. ලංකාවේ ලොකු ක්‍රීඩා සමාගමක් පටන් අරන් වෙනස් ක්‍රීඩා කිහිපයක් හදන්න මට අදහසක් තියෙනවා. ඉතින්, මම දැනටමත් මගේ පළමු ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඉතින් මම ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න තීරණය කරන විට මට වයස අවුරුදු 20 යි. ඉතින්, මට තරුණ වයසේදීම ලොකු ගේමක් ගහලා යම් තැනකට එන්න ලොකු ආසාවක් තියෙනවා. ඒක තමයි මම ගහන ඇත්තම ගේම් එක.